රිහානා එළිසබෙත් රැජිනව විහිලුවකට අරන්
රියානා මෝස්තර නිරූපණ කලාවේ රැජනක් සහ ගායිකාවක් ලෙස හඳුන්වන රිහානා විලාසිතා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්නියකි. ඇය ඡායාරූපවලට වරින්වර පෙනී සිටින්නේ එකිනෙකට වෙනස් ඇඳුම් ඇඟලාගෙනයි. රිහානා තවමත් තරුණ වයසේ සිටින නිසා සිතා ගත නොහැකි විලාසිතාද නොකරනවාම නෙමෙයි. නමුත්, තමන්ගේ ඇඳුම් වෙනත් අයට විශේෂයෙන් ම, ගෞරවනීයත්වයෙන් පිදුම් ලබන රාජකීය චරිතවලට ඇන්දවීම සුදුසුද? සමහරු මේ ප්‍රශ්නය යොමු කිරීමට හේතුව වන්නේ රිහානා මෑතකදී සිදු කළ ක්‍රියාව නිසාය.
තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවට මහා බ්‍රිතාන්‍යෙය් එළිසබෙත් රැජන ගේ පින්තූර කිහිපයක් ඇතුළත් කරලා. මේවා සාමාන්‍ය ඡායාරූප නොවෙයි. ඒවා ‘ෆොටෝෂොප්’ කළ අරුම පුදුම ඡායාරූප කිහිපයක් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. විවිධ අවස්ථාවලදී නොයෙකුත් විච්චූරන ඇඳුම් ඇඳගෙන ගත් ඡායාරූපවල තමන්ගේ මුහුණ ඉවත් කළ රිහානා, ඒ වෙනුවට මහ රැජනගේ මුහුණ යොදා එය නැවත සකස් කර තිබුණා. මේ ඇතැම් ඡායාරූපවල රිහානාගේ සිරුර නිරාවරණය වූ අවස්ථාවනුත් තිබෙනවා. මේ ඡායාරූප වෙනුවෙන් රිහානාට ලැබුණු ප්‍රතිචාර පිළිබඳව කිසිඳු සඳහනක් නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනු ලබනවා.