රිෂි කපූර් නැවතත් රෝහල්ගත කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-1202

ක්‍රමයෙන් සුව ලබා සිටි රිෂි කපූර් මීට මාසයකට පෙර නැවතත් ඉන්දියාවට පැමිණ ඔහු භාරගත් චිත්‍රපට කිහිපයකම අවසන් රූපගත කිරීම් සඳහා පසුගිය දිනවලදී දායක වී තිබුණි. කෙසේ වෙතත් පසුගිය සති අන්තය වන විට බොලිවුඩයෙන් වාර්තා වූයේ නැවත වරක් හදිසියේම රිෂි කපූර් රෝහල්ගත කොට ඇති බවය. ඔහු මේ වනවිට නව දිල්ලියේ රෝහළක ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ. රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ පසුගිය මාස තුනක කාලයකදී රිෂි කපූර්ගේ බර කිලෝ ග්‍රෑම් 26කින් අඩුව ඇති බවය. රිෂි රෝහල්ගත කිරීමේ පුවත සැළවීමත් සමග රිෂි කපූර් චිත්‍රපට කිහිපයකම වැඩ අත්හැර තමා නව දිල්ලියට පැමිණ ඇති අතර, ඔහුගේ තනියට ආලියාද සිටි බව සඳහන් වේ.