රියා සෙන් හොර රහසේම විවාහ වෙලා
ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට කිහිපයකම රංගනයෙන් දායක වූ රියා සෙන් පසුගිය අගෝස්තු 28 වැනිදා විවාහ වූ පුවතක් වාර්තා වේ. පසුගිය කාලයේදී තරුණයෙකු සමග පෙනී සිටින ඡායාරූප නිතරම සිය ‘ට්විටර්’ ගිණුම හරහා ප්‍රසිද්ධ කළ රියා සෙන් හොර රහසේම සිය විවාහය සිදු කරගෙන ඇත. මෙම විවාහයට දෙපාර්ශ්වයේ වැඩිහිටි පුද්ගලයන් හා සමීපතම මිතුරන් කිහිප දෙනෙකුට පමණක් ආරාධනා කර තිබුණ බව සඳහන් වේ. 36 වැනි වියෙහි පසුවන රියා මීට පෙර කිහිප වතාවක් ප්‍රේම සම්බන්ධතා නිසාවෙන් බොලිවුඩය තුළ ප්‍රසිද්ධව සිටි නිළියකි.