රියා සෙන් 'රාගිනි MMS' අලුත් චිත්රපටයට
බලාජී චිත්රපට සමාගම විසින් නිෂ්පාදනය කළ ‘රාගිනි MMS‘ චිත්රපට මාලාවේ අලුත්ම චිත්රපටයට රියා සෙන් යොදා ගන්නා බවට තොරතුරු ලැබේ. 2005 හා 2006 වසරවලදී බොලිවුඩ් සිනමාව තුළ අතිශය ජනප්රිය වූ රියා සෙන් මෑත කාලයේ වැඩිපුර දායකත්වයක් බෙංගාලි චිත්රපට සඳහා ලබාදී තිබුණි.
කෙසේ වෙතත්, ඇය ‘හීරෝ 420‘ හා ‘ඩාර්ක් චොකලට්‘ යන බෙංගලි‘ චිත්රපට තුළින් ප්රේක්ෂක අවධානය දිනා ගැනීමට සමත්විය. ‘ඩාර්ක් චොකලට්‘ චිත්රපටයේ ඇය අඩ නිරුවතින් පෙනී සිටින දර්ශන බොහොමයක් තිබුණ අතර, ඒ නිසාම ඇයට මෙසේ ‘රාගිනි MMS‘ අලුත්ම චිත්රපටය සඳහා තෝරා ගැනීමට හේතුවක් වු බව සිනමා විචාරකයන් සඳහන් කර සිටියි.