රිතික්ට අල්ලසක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2017-06-29-ent-61

මේ දිනවල රිතික් රොෂාන්ගේ චිත‍්‍රපටි පිළිබඳව කතාබහ කෙරෙන්නේ නැතත් ඔහුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව බොහෝ තොරතුරු මාධ්‍යවල පළ වෙයි. ඒවා මාධ්‍යවලට හෙළි කරනු ලබන්නේ රිතික් විසින්මය. මෑතදී ඔහු සිය පුතුන් දෙදෙනා වන රෙහාන් සහ රිධාන්ගේ ඡුායාරූපයක් සමඟින් දෙබසක් ද සමාජ වෙබ් අඩවියක පළ කර තිබිණි.

රෙහාන් හා රිධාන් කැඩුණු කැමරාවක් ද අතැතිව පිහිනුම් තටාකයක සිටිති.

2017-06-29-ent-62රේ: ඔයයි ඒක කැඩුවෙ.

රිඞ්ස්: අපි තාත්තාට කියන්න ඕනද.

රේ: අපෝ නෑ අපි මේක හංගන්න ඕන.

රිඞ්ස්: එයා දකියිනෙ.

රේ: අපි ගිහින් එයාට කියමු බඩගිනියි කියලා.

රිඞ්ස්: ඒත් කැමරාව දකියිනෙ.

රේ: අයියෝ අපි කෑම ගැන කතා කරනකොට එයාට වෙන කිසිම දෙයක් ඇහෙන්නෙ පෙනෙන්නෙ නෑ.

කෑම ගැන රිතික් මොන තරම් සැළකිලිමත් වෙනවාදැයි එම දෙබසින් හෙළි වන්නේ යයි එය කියැවූ බොහෝ දෙනෙක් පැවසූහ. දරුවන් සිය දඟකාරකම් සඟවා ගන්නට පාවිච්චි කරන්නේත් ඔහු තුළ කෑමට ඇති ඇල්මය.