රිතික්ගේ ‘වෝර්’ චිත්‍රපටය
රිතික් රෝෂන් මේ වසරේ රංගනයෙන් දායක වූ බොලිවුඩ් චිත්‍රපට දෙකම ඉන්දීය රූපියල් කෝටි 200 සීමාව ඉක්මවා යන්නට සමත්ව ඇත. වාර්තා වන අන්දමට මේ දිනවල අති සාර්ථකව තිරගත වෙන ඔහුගේ ‘වෝර්’ චිත්‍රපටය මේ වනවිට උපයාගෙන ඇති මුදල ඉන්දී්‍ය රුපියල් කෝටි 453කි. එය මේ වසරේ බොලිවුඩ් චිත්‍රපටයක් විසින් උපයාගත් ඉහළම මුදලද වේ.
ඒ අනුව මෙතෙක් වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටය බවට පත්ව තිබුණ ‘කබීර් සිං’ චිත්‍රපටය ඉක්මවා යන්නට රිතික්ගේ ‘වෝර්’ චිත්‍රපටය සමත්ව ඇත. රිතික් මේ වසරේ මෙන්ම ලබන වසරේදීද චිත්‍රපට කිහිපයකින්ම සිය සිනමා රසිකයන් හමුවීමට නියමිතව ඇත.