රිතික්ගේ චිත්රපට දෙකක් මේ වසරේදී
වසරකට එක් චිත්රපටයක් පමණක් රඟපාන නළුවෙකු ලෙස ප්රසිද්ධව සිටින රිතික් රෝෂන් කලකට පසුව මේ වසරේදී බොලිවුඩ් චිත්රපට දෙකකින් සිය ප්රේක්ෂකයන් හමුවේ. ජුලී 22 වැනිදා රිතික් රංගනයෙන් දායක වූ ‘සුපර් 30’ චිත්රපටය තිරගත වු අතර, දෙවැනි චිත්රපටය ‘වර්’ ඔක්තෝබර් 02 වැනිදා ප්රදර්ශනය වීමට නියමිතව ඇත.
පසුගිය වසර 12 තුළදීම රිතික් රංගනයෙන් දායක වූ එක් චිත්රපටයක් පමණක් වසරකට තිරගත විය. ඔහු මේ වසරේ සිය ප්රේක්ෂකයන් මුලින්ම හමු වු ‘සුපර් 30’ චිත්රපටය ඉන්දීය රුපියල් කෝටි 200කට වඩා වැඩි මුදලක් උපයා ගැනීමට සමත් වූ අතර, විචාරකයන් පවසන්නේ ‘වෝර්’ චිත්රපටයද ඒ හා සමානව මුදලක් උපයාගනු ඇති බවය.