රිතික්ගෙන් අධ්‍යක්ෂක වරයෙකුට චෝදනාවක්
ජනප්‍රිය බොලිවුඩ් නළු රිතික් රෝෂන් සිය නවතම සිනමා පටයේ අධ්‍යක්ෂ විකාස් බාල්ට චෝදනා කර තිබෙන බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. ඒ, ‘සුපර් 30’ නමැති එම සිනමා පටය තිරගත කිරීම සඳහා යොදාගත් දිනය ගැටලු සහගත බව පවසමිනි. ‘සුපර් 30’ සිනමා පටය තිරගත වීමට නියමිතව ඇත්තේ, ලබන වසරේ ජනවාරි 25 වන දිනයි. 2019 වසරේ එදිනම කන්ගනා රනාවුට් රංගනයෙන් දායක වන ‘ද කුවීන් ඔෆ් ජාන්සි’ චිත්‍රපටයද තිරගත වීමට නියමිතව ඇති බවයි පවසන්නේ. මේ කාරණාව නිසා ‘සුපර් 30’ චිත්‍රපටය සඳහා ප්‍රේක්ෂක අඩුවීම් ඇති විය හැකි බැවින්, තිරගත කිරීමට ඇති දිනය වෙනස් කරන ලෙස රිතික් රෝෂන් චිත්‍රපට අධ්‍යක්ෂකවරයාට දැනුම් දී තිබේ.