රිතික් හා සූසෑන් අතර තියෙන සම්බන්ධය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-08-09-ent-1374

බොලිවුඩ් සුපිරි නළු රිතික් රෝෂන් හා ඔහුගේ බිරිඳ සූසෑන් ඛාන් මේ වනවිට නිතීයෙන් වෙන්ව සිටියි. කෙසේ වෙතත්, පසුගිය කාලය පුරාවටම ඔවුන් දෙදෙනා විවිධ ස්ථානයන්හි එකිනෙකා සමගින් වඩාත් කුළුපගුව සිටිනු දක්නට ලැබුණි.

මේ පිළිබඳව එක්තරා සිනමා සඟරාවක් රිතික්ගෙන් ඒ සම්බන්ධව තොරතුරු විමසා සිටි අතර, ඔහු ඊට දක්වා තිබුණේ බොහෝ දෙනෙකු පුදුමයට පත් කරන පිළිතුරකි. සූසෑන් හා මා අතර, තියෙන්නේ කිසිවෙකුට හිතා ගැනීමට නොහැකි සම්බන්ධයක්. තවමත් ඇය මට බිරිඳක්, ඒ වගේම මගේ දරුවන්ට මවක් ඔහු පවසා තිබුණි. ඉන් පෙනී යන්නේ මේ වනවිට රිතික් හා සූසැන් දෙදෙනා එකිනෙකා සමගින් කාලය ගත කරන බවය.