රිතික් හා ආලියාට ‘ඇකඩමි’ සම්මාන උළෙලට ඇරයුම්
ලබන වසරේ අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට නියමිත 93 වැනි ‘ඇකඩමි’ සිනමා සම්මාන උළෙල සඳහා ආරාධිතයන් ලෙස එක්වීමට ඉන්දීය සුපිරි නළුනිළි යුවළක් වන රිතික් රෝෂන් හා ආලියා භාට් දෙදෙනාට ආරාධනා ලැබී ඇතැයි බොලිවුඩ් පුරයෙන් වාර්තා වෙයි.
මෙම සම්මාන උළෙල සඳහා පුද්ගලයන් 819ක් සහභාගි වෙන අතර, ඉන් බහුතරයක් හොලිවුඩ් සිනමා නළුනිළියන් වීම විශේෂත්වයකි. ඊට අමතරව රටවල් 68ක සිනමා නළුනිළියන් 136 දෙනෙකු මෙම සම්මාන උළෙලට සහභාගි වෙන අතර, ඔවුන්ට සම්මාන උළෙල පිරිනමන ජනතා සම්මාන සඳහා ඡන්දය භාවිතා කිරීමටද අවස්ථාව හිමි වේ.