රිතික් සුසේන් යළි ළංවෙයි
රිතික් රොෂාන් ඔහුගේ බිරිඳ සුසේන් ඛාන්ගෙන් වෙන් වී සෑහෙන කලකි. එහෙත් දරුවන් වෙනුවෙන් හෝ වෙනත් හේතුවක් නිසා ඔවුන් දෙදෙනා නැවතත් එකිනෙකාට සමීප වෙමින් සිටින බැව් තතු දන්නෝ පවසති.
පසුගිය දිනෙක ඔවුන් දෙදෙනා සිය පුතුන් දෙදෙනා ද සමඟ වොන්ඩර් වුමන් චිත‍්‍රපටිය නැරඹීමට ගොස් සිටි ආකාරය ඕපාදූප සොයන්නෝ දුටහ. ඔවුන් එහි සිට ඇත්තේ ද බොහෝ සතුටිනි.
ඔවුන් මීට මාස කිහිපයකට පෙර දරු දෙදෙනා සමඟ ඩුබායි සංචාරකයක ද නිරත වූහ. තවත් කිහිප තැනකදීම මේ පවුල දකින්නට ලැබී තිබේ. රිතික් සහ සුසේන් නැවතත් එක වහලක් යටට එනවා දකින්නට කැමැති අය මෙන්ම අකැමැති අය ද සිටින බැව් ඔවුන්ගේ සමීපතමයකු පැවැසුවේය.