රිතික් සියලු දෙනාට සුබ පතයි
පසුගිය අප්‍රේල් 15 වැනිදා ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට්හි නිමාව දුටු ‘පොදුරාජ්‍ය මණ්ඩලීය’ ක්‍රීඩා උළලේදී පදක්කම් දිනු සියලුම ක්‍රීඩක, ක්රීඩිකිවාන්ට සුපිරි බොලිවුඩ් සිනමා නළු රිතික් රෝෂන් විසින් සුබපැතුම් පිරිනමා ඇති පුවතක් බොලිවුඩයෙන් වාර්තා වේ. සිය ‘ටිවිටර්’ ගිණුම හරහා මෙසේ ඔහු පදක්කම් දිනු සියලු ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට සුබපැතුම් එක් කළ අතර, ඔවුන් සහභාගි වු උත්සවයකටද සහභාගි වු බව සඳහන් වේ.
සත්කාරක ඔස්ට්‍රේලියාව සමස්ත පදක්කම් සටහනේ පෙරමුණ ගත් අතර, ඉන්දියා එහි තුන්වැනි තැනට පත්වූයේ රන් පදක්කම් 26ක්, රිදී පදක්කම් 20ක් හා ලෝකඩ පදක්කම් 20ක්හිමි කරගනිමින්ය. එද මෙදාතුර ඉන්දීය ක්‍රීඩක, ක්‍රීඩිකාවන් විසින් ‘පොදුරාජ්‍ය මණ්ඩලීය’ ක්‍රීඩා තරගාවලියකදී හිමිකරගත් ඉහළම පදක්කම් ප්‍රමාණය මෙය බව සඳහන් වේ.