රිතික් සහ අභිෂේක් ෆුට්බෝල් ගහලා
දරුවන්ගේ පාපන්දු හැකියාව ඔප්නැංවීමේ අරමුණින් පසුගියදා ඉන්දියාවේ අහමදාබාද්හි පැවති සුහද පාපන්දු තරගයකට බොලිවුඩයේ ජනප්රිය සිනමා නළුවන් දෙදෙනෙකු වන රිතික් රෝෂන් හා අභිෂේක් බච්චන් දෙදෙනා එක්වූ බව වාර්තා වේ.
අහමදාබාද්හි පැවති මෙම තරගය නැරඹීම සඳහා පාසල් දරුවන් 6000කට වඩා වැඩි පිරිසක් එක්වූ බව සඳහන් විය. රිතික් හා අභිෂේක් මෙම සුහද තරගයට එක්වූ පාපන්දු කණ්ඩායම්වල නායකත්වය දැරූ අතර, ඉන්දීය ජාතික පාපන්දු කණ්ඩායමේ නායකබයිචැන්ග් භූටියාද සමගින් තවත් ජාතික කණ්ඩායමේ ක්රීඩකයන් කිහිප දෙනෙකුද සහභාගීවූ බව දැනගැනීමට ලැබේ.