රිතික්, ධනුෂ් එකම චිත්‍රපටයක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-07-08-ent-908

බොලිවුඩ් චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කර ඇති ආනන්ද එල් රායි විසින් ඉදිරියේදී නිර්මාණය කරන්නට බලාපොරොත්තුවෙන සිය අලුත්ම චිත්‍රපටය සඳහා බොලිවුඩයෙන් රිතික් රෝෂන්ද, දකුණු ඉන්දියාවෙන් ධනුෂ්ද සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වෙන් පසුවේ.

ධනුෂ් බොලිවුඩයට පැමිණි ‘රංජනා’ චිත්‍රපටයද අධ්‍යක්ෂණය කර ඇත්තේ ආනන්ද වන අතර, රිතික් මේ දක්වා ඔහු සමග වැඩ කර නොමැති බව සඳහන් වේ. වාර්තා වන අන්දමට ධනුෂ් හා රිතික්ට අමතරව යොවුන් බොලිවුඩ් සිනමා නිළි සාරා අලී ඛාන්ද මෙම චිත්‍රපටයට එක්වීම නියමිත බවය. ආනන්ද එල්. ආයි අවසන් වරට අධ්‍යක්ෂණය කර තිබුණේ ෂාරුක්, කත්‍රිනා හා අනුෂ්කා රඟපෑ ‘සීරෝ’ චිත්‍රපටයයි.