රිතික් 'තෝර්'ට හඬකවයි
මේ වනවිට ලොවපුරා අති සාර්ථකව ප්‍රදර්ශනය වන ‘තෝර් - රග්නාක්’ චිත්‍රපටය ඉන්දියාවේද හින්දි භාෂාවෙන් හඬකවා ප්‍රදර්ශනය වේ. මෙහි ‘තෝර්’ ලෙස හඬකවනු ලබන්නේ සුපිරි බොලිවුඩ් සිනමා නළු රිතික් රෝෂන් බව සඳහන් වේ. එමෙන්ම සෙසු චරිත සඳහාද ඉන්දීය ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළුනිළියන් සම්බන්ධව සිටින බව වාර්තා වේ.
‘තෝර් - රග්නාක්’ චිත්‍රපටය දැනට ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් උපයාගෙන ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 431කි. එය මේ වසරේ තිරගත වූ හොලිවුඩ් චිත්‍රපට අතරින් වැඩිම ආදායමක් උපයාගත් 12 වැනි චිත්‍රපටය වේ. කෙසේ වෙතත්, අඩු දින ප්‍රමාණයකින් මෙම මුදල උපයා ගැනීමට සමත් වූ නිසාම බොහෝ සිනමා විචාරකයන් පවසන්නේ ‘තෝර් - රග්නාක්’ චිත්‍රපටය අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක සීමාව පහසුවෙන් ඉක්මවා යනු ඇති බවය.