රිතික් තවමත් ප්‍රචාරක කටයුතුවල



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-01-31-ent-301

ජනවාරි 25 වැනිදා තිරගත කිරීම් ආරම්භ කළ රිතික් රෝෂන් තවමත් සිය අලුත්ම චිත්‍රපටය වූ ‘කාබිල්’හි ප්‍රචාරක කටයුතු සිදු කරමින් සිටින බව සඳහන්. පසුගිය සති අන්තයේදී ඔහු සිය ‘කාබිල්’ චිත්‍රපටයේ සිනමා පෙම්වතිය වු යමී ගෞතම් සමගින් ‘කපිල් විත් කොමඩි’ වැඩසටහන සඳහා එක්වු අතර, ඒ සිය චිත්‍රපටයේ ප්‍රචාරක කටයුත්තක් සඳහායි. මීට පෙර ඔහු සල්මාන්ගේ ‘බිග් බොස්’ වැඩසටහනටද ප්‍රචාරක කටයුත්තක් සඳහා එක්ව තිබුණා.

මේ වනවිට ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 50ක ආදායමක් උපයාගෙන ඇති මෙම චිත්‍රපටය නිෂ්පාදනය වූ ඉන්දීය රුපියල් කෝටි 30ක මුදල සොයා ගැනීමට සමත්ව ඇත. රිතික් ‘කාබිල්’ චිත්‍රපටයට පෙර රංගනයෙන් දායක වූ ‘මහෙන්ජෝදාරෝ’ චිත්‍රපටය අසාර්ථක එකක් වූ අතර, එම චිත්‍රපටයට සිය වියදම් වූ මුදල පවා උපයා ගැනීමට නොහැකි විය.

 

2017-01-31-ent-302