රිචා - ෆසල් විවාහය ළඟද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-874

වසර කිහිපයක් තිස්සේ පෙම්වතුන් ලෙස කටයුතු කරමින් සිටින රිචා චඩ්ඩා හා අලී ෆසල් දෙදෙනා කවදා කෙදින විවාහ වෙනවාද යන්න බොහෝ ප්‍රේක්ෂකයන්ට ඇත්තේ ගැටළුවකි. කිහිප වරක් ඔවුන් දෙදෙනාගේ විවාහයට දින නියම වී තිබුණද අදට එය සිදු නොවී තිබීම ඔවුන් දෙදෙනාට ආදරය කරන බොහෝ දෙනෙකුට ප්‍රශ්නාර්ථයක් නැගී ඇත. කෙසේ වෙතත්, පසුගියදා ‘මුම්බායි ටයිම්ස්’ පුවත්පත සමගින් සාකච්ඡාවකට එක්වූ රිචා චඩ්ඩා පවසා තිබුණේ තමන් හා අලී ෆසල් අතර ඇති ආදර සම්බන්ධය විවාහයට පෙරළෙන ලකුණු ඉදිරියේදී ඇති බවය.

එමෙන්ම ඇය වැඩි දුරටත් පවසා තිබුණේ මේ දිනවල තම විවාහය සැළසුම් කරමින් සිටින බවය. අවස්ථා කිහිපයකදී රිචාගෙන් මාධ්‍යය මේ සම්බන්ධව විමසු නමුදු ඇය මුණිවත රැකගෙන සිටි වාර් ප්‍රමණාය බොහෝ වී තිබුණි. එහෙත්, ඇය මේ කළ ප්‍රකාශයත් සමග බොහෝ දෙනෙකුට හැඟී ඇත්තේ මෙවර ඔවුන්ගේ විවාහය අනිවාර්යෙන්ම සිදුවනු ඇති බවය.