රිචා හා අලිගේ විවාහයට බාලගිරි දෝශය
ජනප්‍රිය හොලිවුඩ් හා බොලිවුඩ් සිනමා නළුනිළි යුවළක් වන රිචා චඩ්ඩා හා අලී සෆර් දෙදෙනාගේ විවාහය නැවතත් දින නියමයක් නොමැතිව කල්ගතව ඇතැයි වාර්තා වෙයි. මේ වසරේ අප්‍රේල් 22 වැනිදා විවාහ වීමට සියලු දේ සූදානම් කර තිබුණද ගෝලීය වසංගතයක් වූ ‘කොවිඩ් 19’ ඉන්දියාවට සමගාමිව ලොවපුරා ව්‍යාප්ත වීම හේතුවෙන් සිය විවාහය නවතා දැමීමට ඔවුන්ට සිදුවිය.
ඉන් පසුව ජූලි මාසයේ මෙන්ම සැප්තැම්බර් මාසයේදීද තම විවාහය පවත්වන්නට කටයුතු කර තිබුණද පසුව එයද ඔවුන් දෙදෙනා නොපැවැත්වීමට තිරණය කර තිබුණි. මේ වනවිට ඔවුන්ගේ විවාහ දින නියමයක් නොමැතිව කල්ගතව ඇති බව දැන ගැනීමට ලැබේ.