රැප් ගායක මැකෝමික් මියයයි
2011 වර්ෂයේ දී නිකුත් කළ ගීත ඇල්බමයකින් වඩාත් ප්‍රසිද්ධියට පත්වූ රැප් ගායක මැල්කම් ජේම්ස් මැකෝර්මික් වැඩිපුර මත්ද්‍රව්‍ය ගැනීමෙන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. 26 හැවිරිදි වියේ පසු වූ ඔහු කැලිෆෝනියාවේ පිහිටි සිය නිවසේ මියගොස් සිටිය දී සොයාගෙන ඇති අතර, මිය යන විට අධි මාත්‍රාවෙන් මත්ද්‍රව්‍ය ශරීරගත වී ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.