'රැන්ගොන්' චිත්‍රපටයේ සරාගී දර්ශන කපා දමයි
පෙබරවාරි 25 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිත විශාල් බරද්වාජ්ගේ ‘රැන්ගොන්’ චිත්‍රපටයේ ඇතුළත් සරාගී දර්ශන බොහොමයක් කපා හැරී බව ඉන්දීය චිත්‍රපට පාලක මණ්ඩලය මාධ්‍යයට දැනුම් දී ඇත.
මෙම චිත්‍රපටයේ සායිෆ් අලී ඛාන් හා කංගනා රනවුත් පෙනී සිටින සරාගී දර්ශන කිහිපයක් මෙසේ කපා හැර ඇත. සායිෆ් අලී ඛාන් හා කංගනා රනවුත්ට අමතරව මෙහි ෂාහිඩ් කපූර්, රිචා චඩ්ඩාද රංගනයෙන් දායක වෙති.
මෙසේ මෙම චිත්‍රපටයේ ඇතුළත් සරාගී දර්ශන කපා දැමීමට හේතුව වී ඇත්තේ ඉන්දීය යුදහමුදාව පදනම් කරගෙනන මෙහි කතාව නිර්මාණය කර තිබීම බව සඳහන් වේ.