රැජිනිකාන්ත් ආක්ෂේ චිත‍්‍රපටිය කල් ගිහින්
රැජිනිකාන්ත් සහ ආක්ෂේකුමාර් ර`ග පාන 2. 0 චිත‍්‍රපටිය තිරගත විමට නියමිතව තිබුණේ 2018 ජනවාරි මාසයේදීය. එහෙත් චිත‍්‍රපටිය බෙදා හරින්නන් සහ සිනමා ශාලා හිමිකරුවන් පවසා ඇත්තේ එය කල් දමන්නට තීරණය කර ඇති බවය. අපේ‍්‍රල් මාසයේ දෙමළ අවුරුදු උත්සව සමයේ තිරගත කරන්නට ඇති ඉඩකඩ ගැන ඔවුහු සොයා බලමින් සිටිති.
රැජිනිකාන්ත් ගේ උපන් දිනය යෙදෙන දෙසැම්බර් 12 දාට එහි ප‍්‍රථම ප‍්‍රචාරක පටිය නිකුත් කරන්නට මුලින් සැලසුම් කර තිබුණේ වී නමුදු තිරගත කෙරෙන දිනය කල් ගිය බැවින් එය ද කල් දමා තිබේ. මෙහි ඇමී ජැක්සන් ද රග පාන්නීය. දුෂ්ටයාගේ චරිතය ර`ග පාන්නේ ආක්ෂේය. ඔහු දෙමළ චිත‍්‍රපටියක ර`ග පාන ප‍්‍රථම අවස්ථාව මෙය වන්නේය.