රැජිණිකාන්ත්ගේ දියණිය නැවත විවාහ වෙයි
දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි වීරයා ලෙස අදටද හඳුන්වන රැජිණිකාන්ත් පිළිබඳව පසුගිය කාලයේ නිරන්තරයෙන්ම කතාබහ විය. ඒ ඔහුගේ සිනමා නිර්මාණ හරහාය. මේ දිනවලද යළිත් රැජිණිකාන්ත් පිළිබඳව කතාබහක් ඇතිව තිබෙන අතර, ඒ ඔහුගේ පෞද්ගලික ජිවීතයේ වූ සුවිශේෂි සිදුවිමක් මතය. රැජිණිකාන්ත්ගේ බාල දියණිය සෞන්දර්යා පසුගියදා යළිත් වරක් විවාහ විය.
ඒ පසුගිය සති අන්තයේදීය. ඇයගේ අතගනු ලැබුවේ වර්තමානයේ දකුණු ඉන්දීය සිනමා නළුවෙකු ලෙස ප්‍රසිද්ධව සිටින විශාගන් සමගය. මෙම විවාහ මංගල්‍යයට දකුණු ඉන්දීය සිනමා නළුනිළියන් මෙන්ම බොලිවුඩ් තරු කිහිපයක්ද සහභාගි වී සිටි බව සඳහන් වන අතර, රැජිණිගේ සමකාලිනයෙකු වු කමල් හසන් මෙන්ම මෑතකදී රැජිණි රඟපෑ ‘2.0’ චිත්‍රපටයේ දුෂ්ඨ චරිතය නිරූපණය කළ ආක්ෂේද මෙම විවාහයට පැමිණි සිටි තරු අතර සිටි බව සඳහන් වේ.