'රාශි' කෝටි 100ක් උපයයිද?
මේ දිනවල අති සාර්ථකව බොලිවුඩයේ තිරගත වන මෙග්නා ගුල්සාර්ගේ ‘රාශි’ චිත්රපටය ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් උපලයා ගනු ඇතැයි සිනමා විචාරකයින් මතපළ කර සිටියි. දැනට ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 68ක ආදායමක් උපයාගෙන ඇති මෙම චිත්රපටය විදෙස් රටවලද සමගින් ඉන්දීය රුපියල් කෝටි 99ක ආදායමක් උපයාගෙන ඇත.
ආලියා භාට් මෙහි ප්රධාන චරිත නිරූපණය කරන අතර, වීකි කොශාල් හා රජත් කපූර්ද මෙහි රංගනයෙන් දායක වෙයි. මෙම චිත්රපටය තිරගත වූ කාලසීමාවේදීම අමිතාබ් හා රිසී කපූර් රඟන ‘102 නෝට් අවුට්’ චිත්රපටයද ප්රදර්ශනය වූ අතර, එයද සැළකිය හැකි මට්ටමේ ආදායමක් උපයා ගනිමින් මේ වනවිට ප්රදර්ශනය වෙමින් පවති.