'රාවුඩි රාතෝර්' දෙවැන්නත්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-05-30-ent-34

2012 වසරේදී අති සාර්ථකව තිරගත වූ ‘රාවුඩි රාතෝර්’ චිත්‍රපටයේ දෙවැනි කොටසක් නිර්මාණය කරන්නට මේ දිනවල සංජය ලීලා බන්සාලි සැලසුම් කරමින් සිටින බව සඳහන් වේ. 2012 වසරේදී තිරගත වූ ‘රාවුඩ් රාතෝර්’ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 206ක මුදලක් උපයා ගන්නට සමත්වූ අතර, එය ප්‍රභුදේවා විසින් අධ්‍යක්ෂණය කළ අතර, සංජය ලීලා බන්සාලි විසින් නිෂ්පාදනය කරනු ලැබීය.

කෙසේ වෙතත්, ‘රාවුඩි රාතෝර්’ චිත්‍රපටයේ දෙවැන්න සඳහා සුපුරුදු පරිදි ආක්සේ කුමාර් ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර, ඔහු සමගින් රංගනයේ යෙදෙන ප්‍රධාන නිළි පිළිබඳව ඉඟියක් තවමත් පළ නොවන බව අන්තර්ජාල වෙබ් අඩවි වාර්තා කර සිටියි.