රායිස්ට වඩා කාබිල් සාර්ථකයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-02-13-ent-138

එකම දිනයේදී තිරගත වු ෂාරුක් ඛාන්ගේ ‘රායිස්’ හා රිතික් රෝෂන්ගේ ‘කාබිල්’ චිත්‍රපට මේ දිනවල බොක්ස් ඔෆිස් චිත්‍රපට දර්ශකයේ පෙරළි කරමින් වඩාත් සාර්ථකව තිරගත වේ. වාර්තා වන අන්දමට ෂාරුක්ගේ ‘රායිස්’ චිත්‍රපටය දැනට ලොවපුරා තිරගත වෙමින් ඉන්දීය රුපියල් කෝටි 300කට ආසන්න මුදලක් උපයා ගැනීමට සමත්ව තිබේ. එහෙත්, රිතික් රෝෂන්ගේ ‘කාබිල්’ චිත්‍රපටයට මේ වනවිට හිමිකර ගැනීමට හැකිව ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 200කට ආසන්න මුදලක් පමණි.

කෙසේ වෙතත්, විචාරකයන් පවසන්නේ ‘රායිස්’ චිත්‍රපටයට වඩා ‘කාබිල්’ චිත්‍රපටය මේ වනවිට අති සාර්ථක වී ඇති බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ ‘රායිස්’ චිත්‍රපටය නිර්මාණය කිරීමට ඉන්දීය රුපියල් කෝටි 70කට වඩා වැඩි මුදලක් වියදම්ව ඇති මුත්, ‘කාබිල්’ චිත්‍රපටයට වියදම් ව ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 35කට අඩු මුදලකි. මේ නිසාම ‘කාබිල්’ චිත්‍රපටයේ මෙසේ අති සාර්ථක වීමට හේතුවී ඇති බවයි.

 

2017-02-13-ent-139