රාම් චරන් ස්වයං නිරෝධායනයට
ජනප්‍රිය දකුණු ඉන්දිය සිනමා නළු රාම් චරන් මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුව තිබෙන බව වාර්තා වෙයි. ඒ ඔහුගේ සමිපතමයෙකුට පසුගියදා කොවිඩ් රෝගය වැළඳී තිබිම හේතුවෙනි. කෙසේ වෙතත්, රාම් චරන් මීට දින කිහිපයකට පෙර කොවිඩ් පරික්ෂණ කිහිපයක්ම කර තිබුණ අතර, ඒවා සියල්ල ධනාත්මක ඒවා බවට මේ වනවිට පත්ව ඇත.
රාම් සිය ටිවිටර් පණිවිඩයක් තබමින් පවසා ඇත්තේ තමා සමග ඇසුරු කළ සියලු දෙනා ඉතා ඉක්මණින් කොවිඩ් පරික්ෂණ වලට යොමු වෙන ලෙසය. ඔහු මේ වනවිට හයිද්‍ර්බාද්හි තම නිවසේ රැඳි සිටින අතර, සහභාගී විමට සිටි සියලුම කලා කටයුතු අවලංගු කර තිබෙන බවද දැන ගැනිමට ලැබේ.