රාම් චරන් බිරිඳත් සමග අප්‍රිකාවේ
ජනප්‍රිය කොලිවුඩ්, තෙළෙඟු හා කන්නඩ චිත්‍රපට නළු රාම් චරන් පසුගියදා සිය බිරිඳ කාමිනි සමගින් දකුණු අප්‍රිකාවේ සංචාරයක මේ දිනවල නිරතව සිටියි. ඒ ඔවුන් දෙදෙනාගේ හතවැනි විවාහ සංවත්සරය සැමරීම සඳහාය. ඔවුන් පසුගිය දින කිහිපයේදීම දකුණු අප්‍රිකාවේ ‘සෆාරි’ උද්‍යානයේ ගත කළ අතර, එහි ගත් ඡායාරූප කිහිපයක් රාම් චරන් සිට ‘ටිවිටර්’ ගිණුමට එක් කොට තිබේ. මෙම රාම් හා කාමිනි දෙදෙනා නිවාඩුව ගත කර ඇත්තේ ඔවුන්ගේ පවුලේ කිසිවෙකුගේ සහභාගිත්වයෙන් නොවන බව සඳහන් වේ.