රාම් ගෝපාල්ට විරෝධතාවක්
අන්තර්ජාලය චිත්‍රපටයක් ලෙස පසුගියදා එළිදැක්වූ God Sex and truth චිත්‍රපට හේතුවෙන් මේ වනවිට ඉන්දියානු කාන්තා ක්‍රියාකාරිනියන් පිරිසක් විරෝධතාවක් පැවැත්වූ බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරනවා. මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන රාම් ගෝපාල් වර්මා පසුගියදා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. හයිද්‍රාබාද් පොලීසිය විසින් පැය 3ක් කාලයක් ප්‍රශ්න කර ඇති බවත් සඳහන් වෙයි.
මෙලෙස අත්අඩංගුවට පත් ගෝපාල් හට නඩු විභාගයක් සඳහා පෙනීසීටමට ඇති බවත් වාර්තා වෙයි. 508 සහ 509 යන වගන්ති යටතේ ඔහුට මෙලෙස නඩුවක් ගොනු කර තිබේ. ප්‍රගති කාන්තා සංවිධනයේ ප්‍රධානී වන ලක්ෂිමි විසින් පවසා ඇත්තේ රාම් ගෝපාල් විසින් නිර්මාණකරනු ලැබූ මෙම චිත්‍රපටය කාන්තාවන්ගේ ගෞරුත්වයට හානි වන බවයි. මේ සම්බන්ධයෙන් මෙම අධ්‍යක්ෂකවරයා හට නියමිත දණ්ඩනයක් ලබා නොදුන හොත් ඉදිරියේදී විශාල විරෝධතාවක් ආරම්භකරන බවයි ඇය පවසා ඇත්තේ.