රාණිට අමිතාබ් මුණ ගැසේයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-04-19-ent-05

‘බන්ටි ඕර් බබ්ලි’, ‘බ්ලැක්’, ‘කබි කුෂි කබ් ගම්’, ‘කබි අල්විදා නා කෙහෙනා’ හා ‘බාදල්’ චිත්‍රපටවල රඟපෑ රාණි මුඛර්ජි හා අමිතාබ් බච්චන් දෙදෙනා කාලයක පටන් සමීපතම මිතුරන්ය. පසුගිය කාලයේදී රාණි මුඛර්ජි සිනමාවෙන් තාවකාලිව ඈත්ව සිටි හෙයින් රාණි මුඛර්ජි ගැන බොලිවුඩය තුළ කතා බහ වුයේද තරමක් අඩුවෙනි.

කෙසේ වෙතත්, රාණි මුඛර්ජි නැවතත් බොලිවුඩ් සිනමාවට පැමිණ සිටියි. ඒ යාශ්රාජ් චිත්‍රපට සමාගම විසින් නිර්මාණය කරන ‘හිච්කි’ චිත්‍රපටය හරහාය. පසුගියදා එහි රූපගත කිරීම් කටයුතු මුම්බායි නගරයේ ‘මෙහෙබුබා’ කලාගාරයේදී සිදු කෙරුණු අතර, රාණි මුඛර්ජිට එහිදී අමිතාබ් බච්චන්ද මුණගැසී තිබේ. අමිතාබ් මෙම කලාගාරයට පැමිණ ඇත්තේ ඔහු යොදා නිර්මාණය කරන වෙළෙඳ දැන්වීමක රූපගත කිරීම් කටයුත්තක් සඳහාය. කාලයකට පසුව හමුවූ අමිතාබ් මෙහිදී රාණි මුඛර්ජි විසින් උණුසුම් අන්දමින් පිළිගත් බව සඳහන් වේ.