රාණිගේ ‘මර්දානි’ දෙවැන්න අසාර්ථක වෙයිද?
2014 වසරේ තිරගත වූ ‘මර්දානි’ චිත්රපටයේ දෙවැන්න තවත් නොබෝ දිනකින් ප්රදර්ශනය වීමට නියමිතය. ‘ශිවානි’ නම් පොලිස් නිලධාරිනියට පණ පොවනු ලබන්නේ ජනප්රිය බොලිවුඩ් සිනමා නිළි රාණි මුඛර්ජිය. 2018 වසරේ තිරගත වූ ‘හිචිකි’ චිත්රපටයෙන් පසුව ඇය චිත්රපටයක දකින පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
කෙසේ වෙතත්, ඇය රංගනයෙන් දායක වන මෙම ‘මර්දාණි’ දෙවැන්න සුපිරි නළු සල්මාන් ඛාන් රඟන ‘ඩබාන්ග්’ තුන්වැන්න හා ආක්ෂේ කුමාර් රඟන ‘ගුඩ් නිවුස්’ චිත්රපට දෙක ප්රදර්ශනය වන අතරතුරදී තිරගත වීම පාඩුවක් බව සිනමා විචාරකයින්ගේ මතය වී ඇත.