රාණිගේ අලුත්ම චිත්‍රපටය
වසර කිහිපයක් තිස්සේ බොලිවුඩ් සිනමාවට ආයුබෝවන් කියා සිටි සුපිරි බොලිවුඩ් සිනමා නිළි රාණි මුඛර්ජි පෙනී සිටින අලුත්ම චිත්‍රපටයක් 2018 වසරේ පෙබරවාරි 23 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත. මනිෂ් ෂර්මා විසින් නිෂ්පාදනය කරන මෙම චිත්‍රපටය නම් කර ඇත්තේ ‘හිච්කි’ ලෙසය. ක්‍රියාදාම ලේබලය යටතේ නිර්මාණය වී ඇති මෙම චිත්‍රපටය රාණි සිවුවසරකට පසුව රංගනයෙන් දායක වූ පළමු බොලිවුඩ් චිත්‍රපටය වීම විශේෂත්වයකි. ඇය අවසන් වරට පෙනී සිටි චිත්‍රපටය වූයේ සිය සැමියා ආදිත්‍ය චොප්රා විසින් නිෂ්පාදනය කළ ‘මරදාණි’ චිත්‍රපටයයි.
රාණි මේ වසරේ තවත් බොලිවුඩ් චිත්‍රපටයකින් සිය රසික පිරිස් මුණගැසීමට සූදානමින් සිටින අතර, ඒ අනුෂ්කා ෂර්මා නිෂ්පාදනය කරන ‘පාරි’ බොලිවුඩ් චිත්‍රපටයයි. රාණි මේ දිනවල සිය ‘ෆේස්බුක්’ , ‘ටිවිටර්’ හා ‘ඉන්ටර්ග්‍රෑම්’ සමාජජාල වෙබ් අඩවිය හරහා සිය අලුත්ම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සිදු කරමින් සිටියි.