රාණි මුඛර්ජි ගේ පියා මිය යයි
ජනපි‍්‍රය චිත‍්‍රපටි නිළි රාණි මුඛර්ජි ගේ පියා වන චිත‍්‍රපටි නිෂ්පාදකයෙකු හා අධ්‍යක්ෂවරයෙකු ද වන 84 හැවිරිදි රාම් මුඛර්ජි ඔක්තෝබර් 22 දා අභාවප‍්‍රාප්ත වූයේය. ආශා පරේක්, සුනිල් දත් රග පෑ හම් හින්දුස්ථානි, වෛජයන්තිමාලා සහ දිලිප් කුමාර් ර`ග පෑ ලීඩර් ඔහු නිර්මාණය කළ ජනපි‍්‍රය චිත‍්‍රපටි අතරින් දෙකකි. රාණී මුඛර්ජි නිළියක ලෙස දොරට වැඩියේ 1997 දී ඔහු නිර්මාණය කළ රාජා කී ආයේගී බාරත් චිත‍්‍රපටියෙනි. මුම්බායි හි ප‍්‍රසිද්ධ ෆිල්මාලයා ස්ටුඩියෝවේ නිර්මාණකරුවා ඔහුය.
‘‘ඔහු ටික දවසක ඉදලා අසනීපෙන් හිටියෙ.. ඔක්තෝබර් 13 දා රෝහල්ගත කළා.. ඒත් කරපු ප‍්‍රතිකාරවලින් පලක් වුණේ නෑ.. 22 දා උදේ හිටි හැටියේම රුධීර පීඩනය අඩු වෙලා ඔහු මිය ගියා..
ඔහුගේ බිරි`ද කි‍්‍රෂ්ණා පැවසුවාය.
රාණි අවමංගල උත්සවයට පැමිණ සිටියේ ඇගේ සැමියා ආදිත්‍ය චොප්රා සම`ගය. රන්වීර් සිං, ආමීර් ඛාන් ඇතුළු නළිනිළි පිරිසක් ද ඔහුට අවසන් ගෞරවය පුද කිරීම ස`දහා පැමිණ සිටියහ.
2014 දී රාණි සහ ආදිත්‍ය චොප්රා විවාහ වූයේ කාටත් රහසේය. දැන් ඔවුහු දියණියකගේ දෙමව්පියන් වී සිටිති. අදිරා නම් වන ඇයට දෙවසර පිරෙන්නේ දෙසැම්බර් මාසයේදිය.
2014 දී තිරගත වූ මර්දානී චිත‍්‍රපටියෙන් පසු රාණි රග පාන්නේ ලබන වසරේ තිරගත වීමට නියමිත හිච්කි චිත‍්‍රපටියේය. කුච්කුච් හෝතා හෑ, බ්ලැක්, වීර්සාරා, සාතියා, බන්ටි ඕර් බබ්ලි, හම් තුම්, කභි අල්විදා නා කැහැනා, නෝ වන් කිල්ඞ් ජෙසිකා, තලාෂ් ආදි චිත‍්‍රපටි තුළින් ඇය බොහෝ ජනාදරයට පත් වූවාය.