රාජිණිගේ මිළඟ චිත්‍රපටය ප්‍රධාන නිළියන් දෙදෙනෙක්
ආර්. මුරුගුඩ්ස් විසින් අධ්‍යක්ෂණය කරන රාජිනිකාන්ත්ගේ මිළඟ චිත්‍රපටය සඳහා ප්‍රධාන නිළියන් දෙදෙනෙකු යොදා ගැනීමට ඔහු තිරණය කර තිබෙන බව සඳහන් වේ. ‘පෙට්ටා’ චිත්‍රපටයෙන් පසුව රාජිණි රංගනයෙන් දායක වෙන අලුත්ම චිත්‍රපටය මෙය වන අතර, දැනටමත් ඔහු සමගින් රංගනයෙන් දායක වෙන නිළියන් තෝරාගෙන ඇති බව වාර්තා වේ. ක්‍රිති සුරේෂ් හා නායනතාරා රාජිණිගේ මෙම චිත්‍රපටයට තෝරාගෙන ඇති නිළියන් දෙදෙනා වන අතර, තවත් ජනප්‍රිය නළුවෙකු මෙම චිත්‍රපටයට සම්බන්ධ වෙන බවට දකුණු ඉන්දියාවෙන් එන නිල නොළත් වාර්තා සඳහන් කර සිටියි. රාජිණිගේ ‘පෙට්ටා’ චිත්‍රපටය තවමත් ප්‍රදර්ශනය වන අතර, එය දැනට උපයාගෙන ඇති මුදල ඉන්දිය රුපියල් කෝටි 250කි.