රාජිණිගේ 'කාලා' ආයෙත් කල් ගිහින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-05-03-ent-76

අප්‍රේල් 20 වැනිදා ප්‍රදර්ශනය වීමට තිබු රාජිණිකාන්ත්ගේ ‘කාලා’ චිත්‍රපටය ලබන මැයි 09 වැනිදා දක්වා කල්ගත වූ බවට තොරතුරු වාර්තා වේ. මෙම චිත්‍රපටය මේ වසරේ ජනවාරි මාසයේ 27 වැනිදා ප්‍රදර්ශනය කිරීමට මුලින් සැලසුම් කර තිබුණ අතර, රාජිණිකාන්ත්ගේ ‘2.0’ චිත්‍රපටය එම කාලසීමාවේදී ප්‍රදර්ශනය කරන්නට සැලසුම් කර තිබුණ නිසාවෙන් පසුව ‘කාලා’ නිෂ්පාදකයන් එම අදහස අත්හැර දමා තිබුණි.

‘කාලා’ චිත්‍රපටය සමග ජනවාරියේදී තිරගත කරන්නට නියමිතව තිබූ රාජිණිගේ ‘2.0’ චිත්‍රපටයද දින නියමයක් නොමැතිව කල්ගත ව තිබෙන බව වාර්තා වේ. රාජිණිගේ මෙම චිත්‍රපට තිරගත වීමට මෙසේ කල්ගත වන්නේ එම කාලසීමාවේදී වෙනත් චිත්‍රපට සුපිරි හා ජනප්‍රිය චිත්‍රපට තිරගත වීම නිසාවෙන් බව සිනමා විචාරකයන් පවසා සිටියි.