රාජිණිගේ 77 වැනි උපන්දිනය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දමිල සිනමාවේ සුපිරි වීරයා ලෙස අදටත් සැළකෙන රාජිණිකාන්ත්ගේ 77 වැනි උපන්දිනය එළැඹෙන දෙසැම්බර් 12 වැනිදාට යෙදි තිබේ. 77 වැනි උපන්දිනය සමරණ මොහොතේ රාජිණිට අගනා ත්‍යාගයක් ලබාදීමට '2.0' චිත්‍රපට කණ්ඩායම සූදානම් වන බව වාර්තා වේ.

එනම් එදින '2.0' චිත්‍රපටයේ පළමු ප්‍රචාරක පටය නිකුත් කිරීමට චිත්‍රපට කණ්ඩායම සූදානම් වී තිබේ. මේ වනවිටද චිත්‍රපටයේ සමහරක් දර්ශනවල ඡායාරූප ප්‍රසිද්ධ වී තිබෙන අතර, චිත්‍රපටයේ කතාව කුමන ආකාරයෙන්ද නිර්මාණය වී ඇත්තේද යන්න ප්‍රේක්ෂකයන් තුළ කුතුහලයක් නිර්මාණය වී තිබේ. ඒ බැවින් බොහෝ පිරිසක් මෙහි ප්‍රචාරක පටය නැරඹිමට උනන්ඳුවෙන් පසුවෙන බව සඳහන් වේ.

20170703Rajini-1