රාජිණිකාන්ත් යළිත් ‘අනන්තේ’ සමග
‘කොවිඩ්’ තුන්වැනි රැල්ල ඉන්දියාව පුරා ආරම්භ වීම හා රාජිණිකාන්ත් හදිසියේම රෝගාතුර වීම හේතුවෙන් අතරමඟ නවතා දැම් ‘අනන්තේ’ චිත්රපටයේ රූපගත කිරිම් කටයුතු මිට දින කිහිපයකට පෙර යළිත් ආරම්භ කළ බව වාර්තා වෙයි.
ඒ හයිද්ර්බාද් නගරයේ පිහිටි ‘ගෝකුලම්’ කලාගාරයේදිය. මේ වනවිට රාජිණිකාන්ත් හා නායන්තාරා මෙහි රූපගත කිරිම් කටයුතු සඳහා සම්බන්ධව සිටින බව වාර්තා වෙයි. රාජිණිකාන්ත් අවසන් වරට රංගනයෙන් දායක වූ ‘දර්බාර්’ චිත්රපටයේද ඔහුගේ සිනමා පෙම්වතිය ලෙස රංගනයෙන් දායක වූයේද නායන්තාරාය.