රාජිණිකාන්ත්ගේ ‘අනන්තේ’ කල් යන ලකුණු..
ගෝලීය වසංගතයක් වන ‘කොවිඩ් 19’ වෛයිරසය හේතුවෙන් දකුණු ඉන්දීය තමිල්නාඩු ප්රාන්තය මුළුමණින්ම වසා තිබේ. මේ නිසාවෙන් දකුණු ඉන්දීය චිත්රපට රැසක රූපගත කිරිම් මේ වනවිට අතර මඟ නවතා දමා තිබේ.
මේ වසර අවසානයේ ප්රදර්ශනය කිරීමට සූදානම් ව තිබු සුපිරි නළු රාජිණිකාන්ත්ගේ ‘අනන්තේ’ චිත්රපටයද ඒ අතර තිබේ. රාජිණි පවසන්නේ මෙම වසංගතය හේතුවෙන් චිත්රපට රූපගත කිරීමක් සඳහා සිය ජීවීතය මෙන්ම අනෙකුත් ජීවිතද අවදානම් තත්ත්වය දැමිය නොහැකි බවය. කෙසේ වෙතත්, ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබුණේ ‘අනන්තේ’ චිත්රපටය මෙම වසංගතය නිම වූ වහාම නැවතත් වැඩ කටයුතු ආරම්භ කරන බවය.