රාජිණිකාන්ත්ට කෝටි 60ක් ගෙවලා
තවත් නොබෝ දිනකින් ඉන්දියාවට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිත ‘2.0’ චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන දමිල සිනමාවේ අසාහය වීරයා ලෙස සැළකෙන රජිණිකාන්ත්ට එම චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ඉන්දීයරුපියල් කෝටි 64ක මුදලක් ගෙවා ඇති බව සඳහන් වේ.
දමිල චිත්‍රපටයක් වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 50ත් 55ත් අතර මුදලක් ගෙවන රජිණිකාන්ත්ට මෙම චිත්‍රපටයේ කළ රංගනයට ඉන්දීය රුපියල් කෝටි 64ක මුදලක් ගෙවීම විශේෂත්වයකි. එමෙන්ම රජිණිකාන්ත සමගින් ‘2.0’ චිත්‍රපටයේ රංගනයෙන් දායක වන ආක්ෂේ කුමාර්ට ඉන්දීය රුපියල් කෝටි 34ක මුදලක්ද, ඇමි ජැක්සන්ට ඉන්දීය රුපියල් කෝටි 6ක මුදලක්ද ගෙවා ඇත.