රාජිණිකාන්ත්ගේ 'කාලා' තවත් කල් යයි
අප්‍රේල් 27 වැනිදා මුළු ඉන්දියාව පුරාම ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබු රාජිණිකාන්ත්ගේ ‘කාලා’ චිත්‍රපටය එදින තිරගත නොවන බව එහි නිෂ්පාදක මණ්ඩලය මාධ්‍යයට අදහස් දක්වමින් පවසා ඇත. මෙම චිත්‍රපටය මේ වසරේ පෙබරවාරි මාසයේ සිට අවස්ථා කිහිපයකදීම ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබුණද පසුව ඔවුන් පෞද්කගලික හේතුන් මත මෙම චිත්‍රපටය දිනෙන් දින ප්‍රදර්ශනය කිරීම කල්යවනු ලැබීය.
වාර්තාවන්නේ මෙම චිත්‍රපටය ඉන්දියාව පුරා සිනමා ශාලා 22.700ක එක්වර ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති අතර, එය තවමත් නියමිත පරිදි ඉටු කර ගැනීමට නොහැකි වී ඇති හෙයින් මෙසේ මෙම චිත්‍රපටය කල්ගත වීමට හේතුව වී ඇති බවය. රාජිණිකාන්ත් සමගින් හුමා කුරේෂි හා නානා පටේකාර්ද මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබයි.