රාජිණිකාන්ත්ගේ 'කාලා' අප්‍රේල් මාසයේදී
අදටත් දමිල සිනමාවේ සුපිරි විරයා ලෙස සැළකෙන රාජිණිකාන්ත්ගේ නවතම චිත්‍රපටය වන ‘කාලා’ අප්‍රේල් 27 වැනිදා ප්‍රදර්ශන කිරිමට සූදානම් කර තිබේ. මෙම චිත්‍රපටය මීට පෙර වෙනත් දිනයකදී ප්‍රදර්ශනය කරන්නට සැලසුම් කර තිබුණද පසුව නිෂ්පාදක මණ්ඩලය අප්‍රේල් 27 වැනිදා මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නට තිරණය කර ඇත.
එයට හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ රාජිණිකාන්ත් රඟන ‘2.0’ චිත්‍රපටය තිරගත කරන්නට අගෝස්තු මාසය දක්වා කල්ගත වූ බැවින් ‘කාලා’ චිත්‍රපටය මෙසේ ඉක්මණින් ප්‍රදර්ශනය කරන්නට සූදානම් කළ බවය.
රාජිණාකාන්ත් සමගින් ‘කාලා’ චිත්‍රපටයේ හුමා කුරේෂි, නානා පටේකාර්, අංජලි පටෙල් යන පිරිස රංගනයෙන් දායාක වෙයි.