රාජිණි නව වසරට වැඩ අල්ලයි
ආදායම් උපයා ගැනීම අතින් අති සාර්ථක වූ ශේකර්ගේ ‘2.0’ චිත්‍රපටයෙන් පසුව දකුණු ඉන්දීය සුපිරි නළු රජිණිකාන්ත් රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටයක් මේ වනවිට ප්‍රදර්ශනය වෙමින් පවති. ඒ කාර්තික් සුබ්බාරාජ් අධ්‍යක්ෂණය කරනු ලැබු ‘පෙට්ටා’ චිත්‍රපටයයි.
ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස නිර්මාණය කර ඇති මෙම ‘පෙට්ටා’ චිත්‍රපටය ආදායම් උපයා ගැනීම අතින් මේ වනවිට දකුණු ඉන්දීය සිනමාවේ පෙරළියක් ඇති කිරීමට සමත්ව තිබෙන බව සඳහන් වේ. රාජිණි සමගින් මෙහි ජනප්‍රිය නළුනිළියන් වූ සේදුපති, සිම්රන්, ත්‍රිෂා කිෂ්ණන් බොලිවුඩ් සිනමා නළු නවිසුදාන් සිද්ධික් රංනයෙන් දායක වෙයි.