රාජ්මෞලි 'මහාභාරතය' නිර්මාණය කරයි
‘මහා භාරතය’ සිනමා නිර්මාණයකට ගොඩ නඟන්නට මේ දිනවල රාජ්මෞලී සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. අති සාර්ථක ‘බාහූබලි’ චිත්රපට නිර්මාණය කළ රාජ්මෞලී මෙසේ ඓතිහාසික කතාවක් නැවත සිනමාවට නැගීම විශේෂත්වයකි.
වාර්තා වන අන්දමට මෙම චිත්රපටයේ ප්රධාන චරිතයට තෝරාගෙන ඇත්තේ බොලිවුඩ් සිනමා නළු අමීර් ඛාන් බව සඳහන් වේ. කෙසේ වෙතත්, හින්දි හා දමිළ නළුනිළියන් රැසක් මේ සඳහා සම්බන්ධ වන බවත්, සහාය නළුනිළියන් 1000කට ආසන්න පිරිසක් යොදා ගෙන මෙහි රූපගත කිරීම් සිදු කරන්නටත් රාජ්මෞලී සූදානම් වන සඳහන් වේ.