රාජ්කුමාර්ට තවත් කොමඩියක්
මේ වසරේ බොලිවුඩ් චිත්‍රපට කිහිපයකම රඟපෑ රාජ්කුමාර් රාඕ මේ දිනවල තවත් බොලිවුඩ් චිත්‍රපටයක රූපගත කිරීම් කටයුතු සඳහා එක්ව සිටියි. ඒ දිනේෂ් විජාන් නිෂ්පාදනය කරන ‘මෙඩි ඉන් චයිනා’ චිත්‍රපටය සඳහාය. මෙය අත්භූත චිත්‍රපටයක් වන නමුත්, හාස්‍යමය ලේබලය යටතේ නිර්මාණය වන්නක් බව සඳහන් වේ. මෙහි රාජ්කුමාර්, මවුනි රෝයි හා බෝමන් ඉරාණි සමග රංගනයෙන් දායක වෙයි.
මේ වසරේදීද රාජ්කුමාර් මෙවැනි චිත්‍රපටයකින් සිය රසික පිරිස් මුණ ගැසුණ අතර, ඒ දිනේෂ් විජාන් නිෂ්පාදනය කළ ‘ස්ට්රීඊ’ චිත්‍රපටයයි. එය මේ වනවිටද ලොවපුරා ප්‍රදර්ශනය වන අතර, චිත්‍රපටය මේ වනවිට උපයාගෙන ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 181කි. එය මේ වසරේ තිරගත වූ චිත්‍රපට අතරින් වැඩිම ආදායමක් උපයාගත් නමවැනි චිත්‍රපටය වේ.