රාජ්කුමාර් වාර්තා අතරට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-07-12-ent-16

මේ වසරේ වැඩිම චිත්‍රපට ප්‍රමාණයකට රංගනයෙන් දායක වෙන නළුවා ලෙස රාජ්කුමාර් රාඕ බොලිවුඩ් සිනමා ඉතිහාසයට එක්වේ. මේ වසරේ රාජ්කුමාර්ගේ පළමු චිත්‍රපටය වූයේ ‘ට්‍රැෆඩ්’ චිත්‍රපටයයි. එය මාර්තු 17 වැනිදා ප්‍රදර්ශනය විය. ඉන් පසුව ‘රබ්තා’, ‘බෙහෙන් හෝගි තෙරි’ චිත්‍රපට තුළින් ඔහු සිය සිනමා ප්‍රේක්ෂකයන් හමුවීය.

ඉදිරියට ‘ඇමි සයිරා භානූ’, ‘බාර්ලි කි බර්ෆි’, ‘Ittefaq‘, ‘ලවි සෝනියා’, ‘ෂාදි මේන් සරුර් ආනා’ යන චිත්‍රපට තිරගත වීමට නියමිතව තිබේ. තවත් චිත්‍රපට හතක් මේ වසරේදී තිරගත වීමට නියමිතව ඇති අතර, ඒවා ප්‍රදර්ශනයවන දින තවමත් එළිදක්වා නොමැති බවට තොරතුරු ලැබේ.