රාජ් කපූර්ගේ හා දිලීප් කුමාර්ගේ නිවාසවලට මිලක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-12-31-ent-40

පෞද්ගලික හිමිකරුවන් යටතේ පවතින ඉපැරණි නිවාස විසිපහක් මිලදී ගැනීමට පාකිස්තාන රජය තීරණය කර තිබෙනවා.2018-12-31-ent-41

එහිදී මිලදී ගැනීමට නියමිත නිවාස අතර සුපිරි බොලිවුඩ් නළුවන් වන රාජ් කපූර්ගේ හා දිලීප් කුමාර්ගේ නිවාස ද වන බවයි වාර්තා වන්නේ. පාකිස්ථානය ඉන්දියාවෙන් බෙදා වෙන් කිරීමට පෙර මෙම ගොඩනැගිලි ඉදි කර තිබෙනවා.

රාජ් කපූර්ගේ නිවස කපූර් වලව්ව ලෙස නම් කර ඇති අතර එය එක්දහස් නවසිය දහ අට සහ විසි දෙක වසරවල ඉදිකරන ලද්දක්. දිලීප් කුමාර්ගේ නිවස වසර සියයක් පමණ පැරණි අතර දෙදහස් දාහතර වසරේදී ෂරීෆ් රජය එය ජාතික උරුමයක් ලෙස ද නම් කර තිබෙනවා.