රාජකීය මගුලට ගිය පි‍්‍රයංකා චොප්රා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-05-28-ent-55

පසු ගියදා මාධ්‍ය ලෝකයේ වැඩිම කතාබහට ලක් වී තිබුණේ හැරී කුමරාගේ සහ මේගන් මාර්ක්ල් ගේ විවාහ මංගලෝත්සවයයි. මෙහි අමුත්තන්ගේ ලැයිස්තුව කෙරෙහි ද ලෝකයේ අවධානය යොමු වී තිබිණි. ළ`ගම ඥාතීන් සහ මිතුරන් හැරුණකොට විවිධ රටවල නියෝජිතයෝ සහ නළුනිළියෝ ද මේ අසිරිමත් අවස්ථාවට ඇරයුම් ලැබුහ. පි‍්‍රයංකා චොප්රා ද මේ අතරින් කෙනෙකි.

මේ වන විට ජාත්‍යන්තර නිළියක බවට පත් වී සිටින පි‍්‍රයංකා සහ මේගන් හො`දම යෙහෙළියන්ය. හැරීත් මේගනුත් ගැන ඇය මාධ්‍යයට ද අදහස් ප‍්‍රකාශ කර තිබිණි. ඇය මේගන් ගේ දෙවන මනාලිය වනු ඇතැයි රාවයක් ද ක්ෂේත‍්‍රයේ පැතිර ගියේය. එහෙත් දෙවන මනාලියක් තෝරා නොගැනීමට මේගන් තීරණය කළ නිසා ඒ අදහස කටකතාවට පමණක් සීමා වූයේය.

පි‍්‍රයංකා මංගල්‍යය පැවති දේවස්ථානයට ගියේ කෝට් විලාසිතාවේ ඇ`දුමකින් සැරසීගෙනය. සවස පැවති සාදයට ඇය සැරසී සිටියේ කුමාරිකාවක මෙන් දිස් වන උරහිස් කඩා වැටෙන දිග ගවුමකි.