රාජකීය පවුලට එකතු වූ නිලිය මේගන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-12-07-ent-45

ජනප්‍රිය නිළි මේගන් මාක්ල් සහ හැරී කුමරුන‍්ගේ පෙම් පුවත පිළිබඳව අමුතුවෙන් කතා කළ යුතු නොවේ. මොවුන් දෙපළ පසුගියදා විවාහ ගිවිස ගනු ලැබූ අතර, මේ සබඳකමට හැරී කුමරුන්ගේ අත්තම්මා වන එළිසබත් මහ රැජිනගේ අනුමැතියද හිමි විය. මෙම විවාහ ගිවිස ගැනීමේ විශේෂත්වයක්ද විය. ඒ හැරී කුමරුන් විසින් මේගන් හට පැලඳූ මුදුව ඔහුගේ මව වන ඩයනා කුමරියගේ වීමයි. මෙම මුදුව ඩයනා කුමරියට අයත් ස්වර්ණාභරණ අතරින් ඉතාමත් වටිනා ආභරණයක් බවයි සඳහන් වන්නේ. මෙම විවාහ ගිවිස ගැනීමට හැරී කුමරුගේ වැඩිමල් සොයුරු විලියම් සහ ඔහුගේ බිරිඳ වන කේට් මිඩ්ල්ටන් වෙතින් 2017-12-07-ent-49නොමසුරු සහයෝගයක් ලැබුණු බව සඳහන් වෙයි. විවාහ ගිවිස ගැනීමෙන් පසුව සාම්ප්‍රදායිකව සිදුවන නව යුවළේ ඡායාරූප ගැනීමෙන් පසුව ඔවුන් දෙදෙනා බකිංහැම් මාලිගයේදී මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය. 2018 වසරේ ඔවුන්ගේ විවාහය පැවැත්වෙන බව එහිදී සඳහන් කළේය.

මේගන් සහ හැරීගේ මෙම සම්බන්ධය ආරම්භ වූයේ 2016 ඔක්තෝම්බර් මාසයේදීය. මේ බව මාධ්‍ය විසින් අනාවරණය කර ඇත්තේ 2016 නොවැම්බර් මාසයේදී බව සඳහන් වෙයි. ඉන්පසු හැරි 2017 පෙබරවාරි මෙම යුවළගේ ඡායාරූපයක් සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එක් කර තිබුණි. මෙලෙස ආරම්භ වූ මෙම රාජකීය පෙම් පුවත අද වන විට විවාහ ගිවිස ගැනීමෙන් කෙළවර වී තිබේ. රැචෙල් මේගන් මාර්කල් 36 වැනි වියේ පසුවෙයි. හැරී ඇයට වඩා අවුරුදු 3ක බාලයෙකු වෙයි. මේගන් පළමු විවාහයෙන් වෙන් වී ඇති අතර, ඇයගේ පළමු විවාහය සිදුවී ඇත්තේ 2011 වසරේදීය. බොහෝදෙනෙකු මේගන් හඳුනනු ලබන්නේ රංගන ශිල්පිනියක් ලෙසයි. ව්‍යාපාරික කාන්තාවක් වුවද ඇය 2016 වසර තෙක් රංගන කටයුතු සඳහා දායක වී තිබිණ.

2002 වසරේදී General Hospital නම් රූපවාහිනී කතාමාලාව තුළින් ඇය ක්ෂේත්‍රයට අවතීර්ණ වී තිබේ. ඉන්පසු ඇය නැවතත් රංගනයෙන් දායක වන්නේ 2004දී තිරගත වූ Century City නම් වූ රූපවාහිනී කතාමාලාව ඔස්සේය. 2005 වසරේදී මේගන් සිනමාවට ප්‍රවිෂ්ට වී ඇති අතර, ඒ A Lot like Love නම් චිත්‍රපටය ඔස්සේය. ඉන්පසු ඇය 2005දී නැවතත් රූපවාහිනී නිර්මාණයක් සඳහා දායක වී තිබිණ. ඒ Cuts නම් වූ රූපවාහිනී කතා මාලාවයි. ඇය එම වසරේදීම තවත් කතාමාලාවක් සඳහාද, 2006 වසරේදී කතාමාලාවන් 04ක් සඳහාද රංගනයෙන් දායක විය. 2010 වන විට ඇය තවත් රූපවාහිනී කතාමාලාවන් 07ක් සඳහා රංගනයෙන් දායක විය. එමෙන්ම ඇය නැවත සිනමාවට පිවිසෙන්නේ 2010 වසරේදීය. ඒ Get Him to the Greek නම් චිත්‍රපටය ඔස්සේය. ඉන්පසු ඇය එම වසරේ තවත් සිනමා නිර්මාණයක් සහ 2011 වසරේ Horrible Bosses චිත්‍රපටය සඳහා දායක විය. ඇය වැඩි වශයෙන් දායක වූයේ රූපවාහිනී නිර්මාණයන් සඳහාය. මේගන් රංගනයෙන් දායක වූයේ චිත්‍රපට 05ක් සඳහා පමණි. ඇයගේ චිත්‍රපට එතරම් ජනප්‍රියත්වයට පත්වී නැත.

මේගන් සහ හැරී පිළිබඳ විවිධ වූ පුවත් පසුගිය කාලයේ මැවුනද අද වන විට ඇය හැරී කුමරුගේ අතිනත ගෙන අවසන්ය. රාජකීය පවුලෙන් කොතෙකුත් බාධා එල්ල වුවද හැරී ඇයව විවාහ කරගැනීමේ දැඩි තීරණයක පසු වූවෙන් බොහෝදෙනා නොසන්සුන් වූ බව සඳහන් වෙයි. කෙසේවුවත් මේගන් මේ වන විට රාජකීය බිරිඳකි.

 

  2017-12-07-ent-48 2017-12-07-ent-47 2017-12-07-ent-46