රාකුල් ගේ කෑම දන්සැල
“ලොක් ඩවුන් කාලෙ ගුරුග්රාම්වල මගේ ගෙදර ආසන්නයේ තියෙන පැල්පත් පේළියේ ජනතාව හුඟක් පීඩාවට පත් වුණා.. ඔවුන්ට තමන්ගෙ කෑමවත් සපයා ගන්න බැරි තත්වයක් උදා වෙලා කියලා අපිට තේරුණා.. මගේ තාත්තා ගිහින් ඔවුන් කී දෙනෙක් ඉන්නව ද කියලා හොයාගෙන ආවා.. අපි ඒ හැමා්ටම දවසට දෙවේල ගාණෙ කෑම පාර්සල් දෙන්න පටන් ගත්තා.. ඇත්තටම අසරණ වුණ වෙලාවට කෙනෙකුට පිහිට වෙන්න බැරිනම් අපෙන් ඇති වැඩේ මොකක්ද..?”
එසේ කියන්නේ පැල්පත්වාසී පවුල් දෙසීයකට දිනපතා කෑම පාර්සල් ලබා දෙන රාකුල් ප්‍රීත් සිංය. ඇගේ අම්මා කුල්වින්දර් සිං සහ තාත්තා රාජේන්දර් මේ සත් කාර්යයේදී ඇයට උදව් කරති.
නිළියක මෙන්ම නිරූපිකාවක වන රාකුල් කන්නඩා, දෙමළ, තෙළිඟු මෙන්ම හින්දි චිත්රපටිවලත් රඟ පාන්නීය. ඩි ඩි ප්යාර් ඩි කෝස්ටාර් චිත්‍රපටිය සඳහා ඇය යොදා ගැනීමට අජේ දේව්ගන් සූදානම් බැව් සිනමා ආරංචි මාර්ග කියන්නේය.