‘රා වන්’ දෙවැන්නත් නිර්මාණය වන ලකුණු
2011 වසරේ තිරගත වූ ‘රා වන්’ චිත්රපටයේ දෙවැන්නක් නිර්මාණය කරන්නට මේ වනවිට සැළසුම් කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ‘රා වන්’ චිත්රපටයේම ආ ‘ජි වන්’ චරිතය යොදා මෙහි දෙවැන්න නිර්මාණය කරන්නට සැළසුම් කර තිබේ.
සුපුරුදු පරිදි මෙහිද ප්රධාන චරිතය සුපිරි නළු ෂාරුක් ඛාන්ට ලැබි තිබේ. කෙසේ වෙතත්, මෙහි ප්රධාන නිළි චරිතය කවුරු නිරූපණය කරනවාද යන්න තවමත් ඉඟි පළ නොවේ. ‘රා වන්’ චිත්රපටයේ ප්රධාන නිළි චරිතයට එකතු වුයේ ජනප්රිය බොලිවුඩ් සිනමා නිළි කරිනා කපූර්ය.