රහසින්ම විවාහ වූ බොලිවුඞ් තරු
මේ දිනවල ක්ෂේත්රයේ පමණක් නොව සිනමා රසිකයන්ගේ ඇස් ද යොමු වී ඇත්තේ සෝනම් කපූර්ගේ විවාහ මංගලෝත්සවය වෙතටය. එය පවත්වන්නේ කොහේදැයි මාධ්‍යවලට මේ වන තුරුත් දැන ගන්නට ලැබී නැත. එහෙත් අනිල් කපූර් සිය නිවස සහ අවට විදුලි පහන් සැරසිලි කරනු මේ දිනවල දැක ගන්නට ලැබේ.
‘‘මාධ්‍ය හැමදාම මට වගේම මගේ දුවටත් සහයෝගය දුන්නා.. ඒ හින්දා අපි කවදාවත් කිසිම දෙයක් හංගන්නෙ නෑ.. හරි වෙලාව ආවම හැමදේම කියනවා..’’ අනිල් කපූර් කියන්නේය.
පැපරාසින්ට රහසින් කිසිම දෙයක් කරන්නට ප්‍රසිද්ධ හා ජනපි‍්‍රය පුද්ගලයන්ට පුළුවන්කමක් නැත. ඔවුන්ගේ හැම ඉරියව්වක් ගැනම ඔවුහු විමසිල්ලෙන් පසු වෙති. ජනපි‍්‍රය පුද්ගලයන්ටත් පෞද්ගලිකත්වයක් තිබිය යුතු බැව් පැපරාසි අමතක කරති. සමහර බොලිවුඞ් නළු නිළියෝ සියල්ලන්ටම රහසින් සිය මංගල උත්සව පවත්වා පසුව එය මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ එබැවිනි.
ශ්‍රී දේවි සහ බොනී කපූර් විවාහ වූයේ කෝවිලක පැවැත්වූ චාම් මංගල උත්සවයකින් අනතුරුවය. ඒ වන විටත් බොනී, මෝනා සම`ග විවාහ වී සිටි අතර දරු දෙදෙනෙකු ගේ පියෙකු ද වූයේය.
ඉන්දියානු ජාතික කි‍්‍රකට් පිලේ නායක විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මා අතර විවාහය සිදු වූයේ ඉතාලියේ ටස්කන්හිදීය. එයට සහභාගි වූයේ ළ`ගම ඥාතීන් සහ මිතුරන් පමණකි. ඔවුන් සියලූම දෙනා වෙනුවෙන් උත්කර්ෂවත් උත්සවයක් පවත්වන ලද්දේ මුම්බායිවලට පැමිණියාට පසුවය.
පි‍්‍රති සින්ටා සහ ඇගේ දිගු කාලීන පෙම්වතා ජිනේ ගුඞ්ඉනෆ් සම`ග විවාහ වූයේ ලොස් ඇන්ජලීස්හිදීය. ළ`ගම ඥාතීන් සහ සමීප මිතුරුමිතුරියෝ පමණක් මේ මංගල උත්සවයට සහභාගි වූහ.
ආදිත්‍ය චොප්රා සම`ග සම්බන්ධයක් ඇති බැව් රාණි මුඛර්ජි ප්‍රසිද්ධියේ පිළි ගත්තේම නැත. ඇය කීවේම ඔවුන් සමීප මිතුරන් පමණක් බවය. එහෙත් 2014 දී ඔවුහු සියලූ දෙනාම පුදුමයට පත් කරමින් ඉතාලියේදී අතිනත ගත්හ. මෙයට සහභාගි වූයේ සමීපතම නෑහිත මිතුරන් පමණි.
බිපාෂා බාසු සම`ග පැවති දිගු කාලීන සම්බන්ධතාව බි`දී යාමෙන් පසුව කණගාටුවෙන් සිටි ජෝන් ඒබ්‍රහම් හිටිහැටියේම පි‍්‍රයා රංචාල් සම`ග විවාහ වූයේ සියලූ දෙනාම පුදුමයට පත් කරමිනි. බැංකු හිමිකාරියක සහ ආර්ථික විශ්ලේෂකවරියක වන ඇය ඔහුට හමු වී තිබුණේ පොදු මිතුරෙකු ගේ මාර්ගයෙනි. ඔවුන්ගේ විවාහය ලොස් ඇන්ජලීස්හිදී පැවැත්විණි.
සයිෆ් අලි ඛාන් සහ අම්රිතා සිං අතර සම්බන්ධයට ඔහුගේ දෙමව්පියෝ බොහෝ සෙයින් විරුද්ධ වූහ. එයට බල පෑ ප්‍රධානතම හේතුව වූයේ අම්රිතා සයිෆ්ට වඩා අවුරුදු 12කින් වැඩිමහලූ වීමය. එහෙත් දෙමාපිය විරෝධතාව මායිම් නොකළ සයිෆ් 1991 දී රහසේම ඇය හා විවාහ වූයේය. අවුරුදු 13 ක යුග ජිවිතය 2004 දී දික්කසාදයකින් කෙළවර වූ අතර සයිෆ් කරීනා කපූර් සම`ග විවාහ වූයේය.